දඹ රන් පිළිම වහන්සේ

ඓතිහාසික කටාරංගල රජමහා විහාරය දේශ දේශාන්තරවල පවා අතිශය ප්‍රසිද්ධියක් උසුලනුයේ මෙම පුණය භූමිය තුල තැන්පත් කර ඇති මා හැගි ඉදුනිල් මිණිමුවා නෙත් සගලින් යුතු දඹරන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසාය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය පිණිස මල්ල රජ දරුවන් විසින් තනවන ලද රංදෙණ පිලිස්සී ශේෂ වූ රනින් බුද්ධ ප්‍රතිමා තනවන ලදී.

තවත් මතයක් වන්නේ පිලිස්සුන රනින් කළ නිසා දඹු+රං = දඹරං වූ බවකි. නාහිමිපාණන් වහන්සේගෙන් මා අසා ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු රංදෙණෙ තැන්පත් කොට ආදාහනය කිරීමේ දී එම දෙනේ සතර පැත්තෙන් බුද්ධ රූප සතරක් පැන නැගුණ බවකි. දඹදිව වෙහෙර විහාර ආදියෙහි සුරැකිව බෞද්ධයින්ට බුද්ධාලම්භන පී‍්‍රතිය ලබාදුන් එවැනි ප‍්‍රතිමා වහන්සේලා සිව් නමක් මලියදේව මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ කල්හි රැගෙන වැඩිය බව සඳහන් වේ. ඔත් පිළිමත සතරක් සහ හිටිපිළිම දෙකක් සමග දඹරං පිළිම හය නමක් රැගෙන වැඩියාය යන්න තවත් මතයකි.
කෙසේ වූව ද වැඩිදෙනාගේ පිළිගැනීම රංදෙණ පිළිම වහන්සේ සිව් නමක් වැඩම කළ බවකි. වට්ටාරාම මලීමහාපාය විහාරයේ ද, කොත්මලේ පුසුල්පිටියේ විහාරයේ ද, මාතර කුඹුරුලෙන විහාරයේද, සාරසියපත්තුවේ හල්ලො ̈වේ කටාරංගල විහාරයේ ද දක්නට ලැබෙන්නේ මලියදේව මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ ප‍්‍රතිමා වහන්සේ සිව්නම බව ප‍්‍රකටය. හගුරන්කෙත මාදන්වල විහාරයේ සහ පදියපැලැල්ල මොරපාය විහාරයේ තැන්පත්ව ඇති දඹරං පිළිම වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ ගෙන වැඩිය අනික් පිළිම වහන්සේ දෙනම බව පැවසේ.