මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ප්‍රදේශයේ හල්ලොලුව ගමෙහි වෘක්ෂලතාවන් ගෙන් යුත් ආරණ්‍යයක් තුළ මෙම කටාරංගල විහාරය පිහිටා ඇත. මෙම විහාරස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ නීල පබ්බතාරාමය හේවත් නිල් පව් වෙහෙර නමිනි. මෙම විහාරස්ථානය වනගත ආරණ්‍යයක් ලෙස ගල් ලෙනක් ඇසුරුකොටගෙන වළගම්බා මහ රජතුමන් විසින් ඉදිකර ඇත මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් (ක්‍රිස්තු වර්ෂ 1747-1782) ප්‍රතිසංස්කරණය කර ඇත. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් කපුවත්තේ මහ නිලමේතුමන් විසින් ප්‍රතිසංස්කරණය නිම කර ඇත ප්‍රධාන විහාරය පිහිටා ඇත්තේ ලෙන් ගුහාවක් තුලය. එම නිසා මෙම විහාරය කටාරංගල නමින් හඳුන්වා ඇත.මෙම ලෙන වටා විශාල අවශේෂ ලෙන් ප්‍රමාණයක් ඇත.
කටාරංගල රජ මහා විහාරය පිළිබඳව
අවසානයට ලංකාවට පැමිණි මලියදේව මහ රහතන් වහන්සේ විසින් දඹරං පිළිම හතරක් ගෙනෙන ලදී. බුදුරජාණන් වහන්සේගේ ආදාහන චිතකයේ ගින්නට පිලිස්සී දඬු බවට පැමිණි රනින් මෙම පිළිම නිමවා ඇත. දඩු රං යන්නට ඇති වෙනත් මතයකි, එනම් නම් දඩු+රන් වචන දෙක එකතුවී දඹරං ලෙසද නැවත දඹරං ලෙස හැඳින්වෙන බව පෙනේ. මලියදේව හිමියන් විසින් වැඩම කරන ලද මෙම දඹරන් පිළිම හතරෙන් එකක් මෙය වන අතර අනිත් පිළිම 3 කොත්මලේ පුසුල් පිටිය විහාරයේත් වට්ටාරම මලී මහා විහාරයේ ද මාතර කඹුරුලෙන විහාරයේ ද තැන්පත් කර ඇත. කටාරංගල විහාරය තුළ වටිනා ඉතිහාසයක් මුහුණ නිහඩවම ආරක්ෂා වී ඇත.සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයකු වූ ගම්මුල්ලේ රතනපාල හිමියන් ප්‍රවීන භෘෂා විශාරදයෙක් වූහ.උන්වහන්සේ විමාන වත්ථුප්‍රකරණයට ලියන ලද අටුවා ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පිරිනිවීමෙන් පසු උන්වහන්සේ වෙත ප්‍රසාද පූජා ලෙස ප්‍රදානය කළ රජු විසින් වන්දනා කළ සධාතුක ඇත්දළ කරඬුව ද වෙනත් ප්‍රදානයන් අතර 65ක් අමුණු ගම්වර ද වේ. මීට අමතරව මෙම විහාරය කෞතුකාගාර තුල සංඝරාජ හිමියන් වන්දනා කළ රිදී කරඬුවසංඝරාජ හිමියන් පරිහරණය කල විජිණිපත ( ඇත් දළ මිට සහිත)සංඝරාජ හිමියන් පරිහරණය කල පිරිත් හුය ( ඇත් දළහි එතූ)සංඝරාජ හිමියන් පරිහරණය කල සිවුරු දඹදෙණි යුගයේ ලියැවුණු පන්සිය පනස් ජාතක පොතේ මුල් පිටපත ( පුස්කොල)ත්‍රිපිටක ග්‍රන්ථ ( පුස්කොල)කීර්ති ශ්‍රී රාජසිංහ රජු දේවාලයට පිදූ කඩුව ආදී විවිධ පූජනීය වූත් පුරාවිද්‍යාත්මක වූත් ඓතිහාසික වූත් බොහෝ දෑ සැදැහැවතුන්ගේ වන්දනාවට හා දැක බලා ගැනීමට කෞතුකාගාරය තුළ තැන්පත් කර ඇත
